“චීනය ශ්‍රී ලංකාව විශාල තරඟයක අතකොළුවක් ලෙස යොදාගෙන තිබෙනවා”.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියයි ශ්‍රී ලංකාවට හිරිහැර කරන රටවල් පිළිබඳව සඳහනක් කරමින් ශ්‍රී ලංකාව “17 වතාවක් උතුරු අසල්වැසියාගේ ආක්‍රමණ” ජයගත් බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂෙන්හොන්ග් පසුගිය දා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එම දැඩි ප්‍රතිචාරය දක්වා තිබේ.
එම ට්විටර් පණිවුඩය තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ඔහුගේ මූලික රාජ්‍ය තාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීමක්, පුද්ගලික ලක්ෂණයක් හෝ විශාල ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි බවයි.මේ අතර, චීන රාජ්‍යතාන්ත්‍රිකත්වය ආක්‍රමණශීලී සහ අධිකාරිය ඉක්මවා කටයුතු කරගෙන යන බවත් එය ඉක්මවා ගොස් ඇති බවත් ඉන්දියාවේ විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.“චීනය ශ්‍රී ලංකාව විශාල තරඟයක අතකොළුවක් ලෙස යොදාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව හෝ පකිස්තානය වැනි රටවල් සමඟ අන්තර් ක්‍රියා කිරීමේ දී චීන වාර්තාව එතරම් ගෞරවනීය වාර්තාවක් නොවේ. රටවල් දෙකම අද වන විට ආර්ථික හා මූල්‍ය කඩාවැටීමකට මුහුණ දී සිටින බව අපි දනිමු” යයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩි දුරටත් සඳහන් කර තිබේ.