චීන ආර්ථික ආක්‍රමණයට එරෙහිව අමෙරිකාව ජපානය එක්ව සටන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.ඔහු ඒ බව සඳහන් කළේ, ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා අතර පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ය.අමෙරිකාවෙන් ස්වාභාවික වායු ආනයනය තවදුරටත් ඉහළ නංවන බව ජපානය ද ප්‍රකාශ කර තිබේ.අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුව ජපාන අගමැති ෂිගේරු ඉෂිබා, අමෙරිකාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබූ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව ධවල මන්දිරයට පැමිණි දෙවැනි විදේශීය නායකයා ජපාන අග්‍රාමාත්‍ය වරයා බව ද විදෙස් වාර්තාවල සඳහන් ය.