චීන කාබනික පොහොර ගෙන්වීම අත්හිටුවයි

ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී තහවුරු වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමට රජයේ අවධානය යොමුවී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළ අතර මහ කන්නයේ ගොවීන්ට අවශ්‍ය කාබනික පොහොර නියමිත ප්‍රමිතියෙන් යුතුව ලබා දීමට පියවර ගන්නා බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ද සහතික විය.

කාලීන පුවත්