චීන නැව හම්බන්තොටට එනවාට විරුද්ධ ඇයි? ජනපති අසයි

යුආන් වැන්ග් 5 චීන නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉඩ දීම සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතිනිය සිය කනස්සල්ල පළකරනුයේ කුමන කරුණු පදනම් ව දැයි දැන ගැනීමට අවශ්‍ය බැවින් චීන නෞකාව පැමිණීමට විරුද්ධ වීමට ස්ථිර හේතු සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ. එමෙන්ම එම පණිවිඩය අඟහරුවාදා දිනයේ විදේශ අමාත්‍ය  විසින් ඉන්දීය රාජතාන්ත්‍රිකයන් වෙත ද දැනුම් දී ඇත.මෙම දෙපාර්ශ්වය ම ඒ පිළිබඳව පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ නොකළ නිසාත් හම්බන්තොට වරාය පරිපාලනය හා මෙහෙයුම් කටයුතු සියල්ල සිදු කරනු ලබන්නේ චීන සමාගමක් වන නිසා චීන නෞකාව තම සේවා සපයා ගැනීම සඳහා එහි පැමිණීමට විරුද්ධ ව කළ හැකි කටයුතු සීමිත වීම නිසාත් ශ්‍රී ලංකා රජය විසින් චීන නෞකාවට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.

කාලීන පුවත්