චීන පොහොරට ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළකන වාරණ නියෝගය දීර්ඝ කෙරේ

චින්දාවෝ සීවින් බයෝටෙක් චීන සමාගමේ කාබනික පොහොර තොගයට අදාළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම වළක්වමින් මහජන බැංකුවට පනවා තිබූ වාරණ නියෝගය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ අද (19)නියෝග කළේ ය.ඒ ලංකා පොහොර සමාගම සහ කොළඹ කොමර්ෂල් පොහොර සමාගම චීන කබනික පොහොර ගනුදෙනුවට අදාළ ගොනු කළ නඩු දෙක කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ සළකා බැළුණු අවස්ථාවේය.මෙම නඩුවට අදාළව චීන සමාගමේ දේශීය නියෝජිතයා විසින් අද කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ලිඛිත විරෝධතා ගොනු කර තිබේ.
චීන කාබනික පොහොර තොගයේ අහිතකර බැක්ටිරියා ඇතැයි මෙරට ශාක නිරෝධයන සේවය අවස්ථා දෙකකදීම තහවුරු කිරීමත් සමඟ එම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කළේ ය.ඊට අදාළ විවෘත කළ ණයවර ලිපි සඳහා මුදල් ගෙවීම අත්හිටුවන නියෝගයක් ඉල්ලා රජයේ පොහොර සමාගම් දෙක කොළඹ වාණිජ මහාධිකරණයට ගියේ ඉන් අනතුරුවයි.මේ අතර චීන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000 ක් රැගෙන පැමිණි හිපෝ ස්ප්‍රිටිට් නෞකාව තවමත් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා රැදී සිටී.

කාලීන පුවත්