චීන පොහොර නැවට ගෙවන ඩොලර් මිලියන 6.7 සමථයක් මිසක් වන්දියක් නොවේ

චීන පොහොර නෞකාවට අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට තීරණය කළේ වන්දියක් ලෙසින් බවට පැතිර යන ප්‍රචාරය සත්‍යයක් නොවන බවත් එය ප්‍රමිතියෙන් තොර පොහොර ආනයනයට අදාලව වාණිජ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාලව නීතිපතිවරයාගේ උපදෙස් මත එළැඹි සමථයක් මත සිදු කරන ගෙවීමක් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.විවිධ පාර්ශවයන් පවසන අන්දමට මෙමගින් කිසිදු මූල්‍ය වංචාවක් හෝ වරදක් සිදුව නැතැයිද මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කාලීන පුවත්