චීන පොහොර නැවට ලංකාවෙන් ඩොලර් මිලියන 6.7 ක මුදලක්

චීනයේ සිට පැමිණ ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබෙන හිපෝ ස්පිරිට් නෞකාවේ පොහොර තොගයේ වටිනාකමින් 75% ක් එනම් ඩොලර් මිලියන 6.7 ක මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.එම පුවත්පත වෙත කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙම පොහොර ප‍්‍රශනය හේතුවෙන් චීනය සමඟ රාජතාන්ත්‍රික ගැටළුවක් ඇති කරගැනීමට අවශ්‍යතාවයක් නැති බවකි. අදාල පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා එම ගැටලුව සමථයකට පත් කළ හැකි බවකි.මේ පිළිබඳව කැබිනට් අනුමැතිය ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පවසා ඇත.

කාලීන පුවත්