චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 104% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.මෙම බදු පැනවීම අද ( 9) සිටම ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.චීනයට මෙලෙස අතිරේක තීරුබදු පැනවීම ආරම්භ වූයේ, එක්සත් ජනපදයට පැනවූ පළිගැනීමේ බදු ඉවත් කර ගැනීමට බීජිනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ය.ඒ අනුව, අමෙරිකානු ජනාධිපතිවරයා චීනය සඳහා තවත් තීරු බදු පැනවීමට කටයුතු කර ඇත.තම ආර්ථික දැක්ම සඳහා මෙම තීරුබදු පැනවීම අත්‍යවශ්‍ය බව ට්‍රම්ප් සඳහන් කර ඇතත්ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවන්නේ මෙම තීරු බදු පැනවීම මගින් වෙළඳ යුද්ධයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ය.