ඡන්ද දායකයන් ගේ ස්වාධීන මතයට බලපෑම් වන අන්දමේ මැතිවරණ සමීක්ෂණ මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා අවධාරණය කරයි.ඔහු පවසනුයේමෙවැනි සමීක්ෂණ සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්රියාත්මක කළ හැකි බවකි.මේ පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම ක්රියාත්මක වන බැවින් ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්ෂණ පැවැත්වීමෙන් වළකින ලෙස සියළු පාර්ශවයන් ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පවසයි.