ඡන්දය තියනවාද? නැද්ද?තීරණය දින තුනක් ඇතුළත

ඡන්දය තියනවාද? නැද්ද?තීරණය දින තුනක් ඇතුළත පලාත් පාලන මැතිවරණය ගැටලුවක් මතු වී නොමැති මුත් ඉදිරි දින තුන ඇතුලත ලැබීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත පළාත් පාලන ඡන්දය පැවැත්වීම හෝ නොපැවැත්වීම නිශ්චිතව තීරණය වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.මැතිවරණයට අවශ්‍ය මුද්‍රණ කටයුතු ද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවමේ වන විට සිදුකරන බවත් ඔහු පැවසීය.කෙසේ වෙතත් මැතිවරණ අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයාට ඉල්ලීම් කළ නමුත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් නැති බවද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව ද ඔහු කියා සිටී.නමුදු ඒ සම්බන්ධයෙන් නීති විශාරදයන් පෙන්වා දෙන්නේ මැතිවරණය අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමට මහා භාණ්ඩාගාර ලේකම්වරයා වරයා හට නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවකි.

කාලීන පුවත්