ඡන්දය තියන්න මැතිවරණ කොමිසමට පාදුක්කෙන් “මනි ඕඩර්”

පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ජනතාව විසින් හෝ මැතිවරණ කොමිසම වෙත සපයා දිය යුතු බව සංකේතනය කරමින් පාදුක්ක ප‍්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් තැපැල් කාර්යාලය ඔස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් ඇනවුමක් හෙවත් මනි ඕඩර් යැවීමේ වැඩසටහනක් අද(22) ක්‍රියාත්මක කරන ලදී.පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණි මෙම පිරිස රුපියල් සියයේ සිට රුපියල් පන්සියය දක්වා වූ මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යවමින් කියා සිටියේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බැවින් කුමන ආකාරයෙන් හෝ එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බව ප්‍රකාශ කිරීම පිණිස මෙම පියවර ගත් බවකි.
ඡන්දය තියන්නැයි කියමින් මැතිවරණ කොමිසමට පාදුක්කෙන් “මනි ඕඩර්” පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ජනතාව විසින් හෝ මැතිවරණ කොමිසම වෙත සපයා දිය යුතු බව සංකේතනය කරමින් පාදුක්ක ප‍්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් විසින් තැපැල් කාර්යාලය ඔස්සේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත මුදල් ඇනවුමක් හෙවත් මනි ඕඩර් යැවීමේ වැඩසටහනක් අද(22) ක්‍රියාත්මක කරන ලදී.පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණි මෙම පිරිස රුපියල් සියයේ සිට රුපියල් පන්සියය දක්වා වූ මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යවමින් කියා සිටියේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බැවින් කුමන ආකාරයෙන් හෝ එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බව ප්‍රකාශ කිරීම පිණිස මෙම පියවර ගත් බවකි.

කාලීන පුවත්