පළාත් පාලන ජන්ද විමසීම පවත්වන ලෙස රජයට බල කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හර්ෂණ රාජකරුණා මහතා යුරෝපා සංගමයට ලිපියක් භාර දී තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා පවසනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන පවා අප රටට උදව් කිරීමට පෙළඹෙනුයේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වීම මත බැවින් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරවීම ප්‍රමුඛතම අවශ්‍යතාව බව ය.