ඡන්දෙට සල්ලි දුන්නොත් පඩි නඩි පමා වේවි

ඡන්දෙට සල්ලි දුන්නොත් පඩි නඩි පමා වේවි දැනට රටේ පවත්නා ආර්ථික අර්බුදකාරී තත්වය මත මැතිවරණයක් හෝ වෙනත් එවැනි කටයුත්තක් සඳහා මුදල් වැය කළ හොත් රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි ඇතුළු සහනාධාර දීමනා ද ප්‍රමාද කිරීමට සිදුවනු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.මේ මොහොතේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් කළමනාකරණය සිදු කරන්නේ ඉතා අසීරුවෙන් අපහසුවෙන් බව අද වන විට රජයට ලැබෙන ආදායමට වඩා දෙගුණයක් වැය බරක් මහා භාණ්ඩාගාරයට දරන්නට වී ඇති බවද ඔහු තවදුරටත් කියයි.

කාලීන පුවත්