ඡන්දෙ දාන්න යන්න ලංගම බස්;පෞද්ගලික බස් නම් අඩු වෙයිලු

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවත් අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා පවසයි.නමුදු පෞද්ගලික බස් රථ සේවකයන් ඡන්දය දීමට යන බැවින් අමතර බස් රථ සේවා නොපැවැත්වෙන බවත් කෙටි ගමන් සේවා සීමිත ප්‍රමාණයක් ධාවනය කෙරෙන බවත් පෞද්ගලික බස්රථ සංගම් සඳහන් කොට තිබේ.එහෙත් අතිරේක දුම්රිය සේවාවන් පැවැත්වීමට දැනට තීරණයක් ගෙන නොමැති බවත් සතියේ දිනවල හා සතිඅන්ත දිනවල මෙන් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවටත් දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්