ඡන්ද පත්‍රිකා මුද්‍රණයට මුදල් දෙනවාද? යන්නට භාණ්ඩාගාරයෙන් ප්‍රතිචාර නෑ

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී බවත් ඒ කෙසේ වුවද මුදල් ලැබෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹිය නොහැකි බවත් රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතවම දැනුම් දී තිබේ.ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන විට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා ආරක්ෂාව සැපයීම පිණිස ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත් රජයේ මුද්‍රණාලාධිපතිනිය කියයි.

කාලීන පුවත්