ඡන්ද පත්‍රිකා මුද්‍රණය අර්බුදයක

සෑම මැතිවරණයකදීම සාමාන්‍යයෙන් රජයේ මුද්‍රණාලයට මුදල් ලබා දීම සිදු කරනුයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයෙන් පසුව වුව ද නියමිත මුදල් ගෙවන තුරු ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බවට, රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයේ සේවක සංගම් අතර ද විසංවාදයක් පැන නැඟී තිබේ. එළඹ ඇති අස්ථාවර තත්වය හමුවේ පසුව මුදල් ලබා ගැනීමේ පදනම මත ඡන්ද පත්‍රිකා මුද්‍රණය අතිශය අවදානම් තත්වයක් බවත් එසේ නියමිත පරිදි මුදල් නොලැබීම මත රජයේ මුද්‍රණාලයේ මතු පැවැත්ම පවා අඩාල විය හැකි බව ඇතැම් වෘත්තීය සමිති වල මතය වී තිබේ.නමුත් ඊට විරුද්ධ මත දරන වෘත්තීය සමිති පවසනුයේ මුද්‍රණාලාධිපතිනිය කිසියම් නිහඬ න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කරන බවකි.

කාලීන පුවත්