ඡන්ද පත‍්‍රිකා මුද්‍රණයට මුදල් ලැබී නැති නිසා ඒවා වෙලාවට දෙන්න බෑ

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නොමැති බවත් ඒ අනුව ලබන 20 වැනිදාට පෙර තැපැල් ඡන්ද පත‍්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසයි.ඡන්ද පත‍්‍රිකා මුද්‍රණයට අදාළව කිසිදු ගෙවීමක් මේ වන විට සිදු කර නොමැති බැවින් වැඩකටයුතු ආරම්භ කිරීමට නොහැකි බව ද ඇය පෙන්වා දෙයි.ඡන්ද පත‍්‍රිකා සැකසීම, ප‍්‍රතිඵල ලේඛන සැකසීම් ඇතුළු කාර්ය සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 152 ක මුදල ද සේවක ශ‍්‍රමය සදහා ගෙවිය යුතු රුපියල් මිලියන 52 ක මුදල ද ලැබී නොමැති බව මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් කියයි.මෙතෙක් නිමවා ඇති කාර්යයන් සඳහා රුපියල් මිලියන 40 ක් පමණක් භාණ්ඩාගාරය ලබා දී ඇති බවත් ඉදිරි කටයුතු සඳහාමුදල් ලැබීමෙන් පසු ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමට මාසයක පමණ කාලයක් ගත වන බවද ගංගානි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කියයි.

කාලීන පුවත්