කොටි ත්රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට සැබෑ නිදහස ලබා දුන්නේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බැවින් මැතිවරණ ළංවන විට 13 වන ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා නොකරන මෙන් තමන් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහතුන් ගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි .දැනටමත්13 වන සංශෝධනය දැනටමත් ක්‍රියාත්මක බවත් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක උතුරට ගොස් 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බව පවසනුයේ උතුරේ ඡන්ද බලාගෙන බවත් කී නාමල් රාජපක්ෂ මහතා දේශපාලන වාසි තකා ඡන්ද කිට්ටු කොට අනෙකුත් පක්ෂ ඒ ගැන කතා කිරීම ගැන ඇත්තටම කණගාටු වන බවත් කීය.එමෙන්ම ඔවුන් මේ සෙල්ලම් කරන්නේ උතුරේ ජනතාවගේ හැගීම් සමඟ බව ද නාමල් රාජපක්ෂ මහතා කීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිළිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි