ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි!

ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කොට ඡන්දයට බාධා කළොත් වෙඩි! ලබන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සිදු කෙරෙන ඡන්ද මධ්‍යස්ථාන වල කලබල ඇති කර ඡන්දයට බාධා කරන සහ මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන පුද්ගලයන්ට සහ මැර කණ්ඩායම් පාලනය කළ නොහැකි අවස්ථා වල වෙඩි තැබීමට පොලීසියට බලය දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි. එසේම එවැනි කලබල කරන පිරිස් පාලනය කළ හැකි නම් වහාම අත්අඩංගුවට ගැනීමට ද මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී ඇත.ජනාධිපතිවරණ ඡන්ද විමසීමට පෙර රට පුරා අනවසර ගිනිඅවි සහ පාතාල කල්ලි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සඳහා.විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් ද ඒ සඳහා යොදවා ගැනෙන අතර මේ වන විට රට පුරා අනවසර ගිනි අවි ලක්ෂ දෙකක් පමණ පවතින බවට ආරක්ෂක අංශ අනුමාන කරයි.

කාලීන පුවත්