ජනකගෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

ස්වාධීන ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා ඊයේ මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැෆ්රල් සංවිධානය විසින් ඉදිරියේදී ජනාධිපති අපේක්ෂකයින් 6 දෙනෙකු පමණක් තෝරා ගනිමින්, සිදු කරන සංවාදය සාධාරණ නොවන බව ඔහු සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ.

විවාදය සඳහා 6 දෙනෙකු පමණක් තෝරා ගැනීමේදී අනෙක් 33 දෙනාට ආසාධාරණයක් සිදුවන බව ඔහු පවසයි.

මෙය අවලංගු නොකළොත් ඉදිරියේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් මේ පිලිබඳ නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹීමට කටයුතු කරන බව ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්