ජනතා අප්‍රසාදය නිසා මහින්දගේ ආරක්ෂාව තර කෙරේ

පසුගිය 09 වනදා අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂකයන්ට පොදු පෙරමුණු ආධාර කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය සංගම් හා සිවිල් සංවිධාන මෙන්ම සාමාන්‍ය මහජනතාව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අප්‍රසාදයෙන් පසුවන බවට බුද්ධි අංශ වාර්තා කිරීමෙන් පසු ඒ මහතාගේ ආරක්ෂාව තර කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ . ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ගමන් කරන ස්ථානවලදී හා ස්ථිරවම රැඳී සිටින ස්ථානවලදී මහජන විරෝධතා එල්ල වීමට හැකියාවක් පවතින බවත්, ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඕනෑම අවස්ථාවක ප්‍රහාරයක් ද එල්ල විය හැකි බැවින්, උපරිම ආරක්ෂාවක් ලබාදීම කාලෝචිත බවත් බුද්ධි අංශ වාර්තාවල සඳහන් ය. එබැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසට පිවිසෙන මාර්ග ආවරණය වන පරිදි මාර්ග බාධක යෙදීමට කටයුතු යොදා තිබේ.

කාලීන පුවත්