කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.කලහකාරී,ප්‍රචණ්ඩකාරී ක්‍රියවල යෙදෙමින් උද්ඝෝෂණ සිදු කරන්නවුන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.එමෙන්ම මේ දිනවල රට පුරාව්‍යාප්ත වෙමින් පවතින ජනතා විරෝධතාවයන් හි පවතින ප්‍රචණ්ඩකාරී සිදුවීම් මාධ්‍ය මඟින් හුවා දැක්වීමෙන් ඒවා සඳහා වන ජන සහභාගීත්වය අවම කරගත හැකි නිසා එවැනි දර්ශන වැඩි වැඩියෙන් ප්‍රචාරය කිරීම කෙරෙහි රාජ්‍ය සහ රජයට හිතැති විද්‍යුත් මාධ්‍ය වල අවධානය යොමුව තිබේ.එවැනි දර්ශන හැකිතාක් තම මාධ්‍ය වෙතට ගොනු කර එවන ලෙස ඇතැම් මාධ්‍ය ආයතන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා තිබේ. එහෙත්,ඒ සම්බන්ධයෙන් නීතිවේදීන් පෙන්වා දෙනුයේ කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී නොවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීමට,අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට ඉන් බලපෑමක් නොවන අතර තමන් එක් වන උද්ඝෝෂණ වලින් එවැනි ක්‍රියා වළකාලීමේ සමාජමය යුතුකමක් ද සෑම පුරවැසියකු තුළම පවතින බවකි.