ජනතා ප්‍රශ්න කතා කරන අය තනතුරු වලින් ඉවත් කරනවා නම් මාත් අයින් වෙනවා

ජනතාවගේ ප්‍රශ්න කතා කිරීම තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන්නේ නම් තමන් ද අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නොපැකිලෙන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සඳහන් කරයි.මහජන නියෝහිතයකු වන තමට ජනතාව පෝලිම්වල රස්තියාදු වීම දැක දැක නොදැක්කා සේ සිටිය නොහැකි බවද ලන්සා මහතා කියා සිටී.රජය විවේචනය කරන මැති ඇමතිවරුන් හරහා පිටවෙන්නේ පොදු මහ ජනතාවගේ හඬ බවත් එනිසා රජය එම විවේචනයන්ට සාවධානව කන් දිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.එමෙන්ම දැනට රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගැලවීමට නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යා යුතුම බව පවසන අමාත්‍යවරයා මෙම ජනතා ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් අනාගතයේ පාරට බැසීමට වත් බැරි තත්ත්වයක් මතු වනු ඇති බවද කියා සිටී.මේ අතර රාජ්‍ය ඇමති සුසිල් ප්‍රේම ජයන්ත් මහතා විසින් රජය විවේචනය කිරීම මත ඇමති පදවියෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ නමල් ලන්සා මහතා ඊට වඩා බරපතල ලෙස රජය විවේචනය කළ ද ඔහු යම් යම් “රහස්” දන්නා නිසා එසේ ඉවත් නොකරනු ඇති බවය.

කාලීන පුවත්