ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මලදිවයිනේ පිහිටුවීමට තීරණය කර ඇත.
පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල් වල ද පක්ෂ කාර්යාල පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.
එම ශාඛා පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් එම රටවලට යනු ඇතැයි ද ඔහු කීය.