ජනතා විරෝධතා කොතෙක් පැවතුණ ද ඒ කිසිම බලපෑමකට යටත් නොවී අවශ්‍ය පුද්ගලයන් සහිත කැබිනට් මණ්ඩලය පත් කරගෙන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපති අගමැති බැසිල් රාජපක්ෂ ප්රමුඛ පොහොට්ටුවේ ප්‍රධානම දේශපාලන බලවතුන් තීරණය කර ඇත.
අලුත්අවුරුදු දින කිහිපය අවසන් වූ වහාම නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර වැඩ කටයුතු ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.කැබිනට් මණ්ඩලය නම් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත් හිටපු ඇමතිවරු කීප දෙනෙකුට පමණක් ඇමතිකම් නොලැබෙන බවත් එම ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන කීපයකින් ශ්‍රී ලංකාවට ණය ආධාර ලැබෙන බැවින් එම ණය ලැබුණ වහාම ඩොලර් ප්රශ්නය විසඳාගෙන රට යථා තත්ත්වයට පත් කරගතහැකි යැයි ද. ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නයත් විදුලි කප්පාදුවත් නැවතුන පසු මේ උද්ඝෝෂණ නවතින බව ද රාජපක්ෂ වරුන්ට හිතවත් මැති ඇමති වරු කිහිප දෙනෙක් පෙන්වා පෙන්වා දී ඇත.
නමුත්,ශ්‍රී ලංකාවේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VI වැනි පරිච්ඡෙදයෙන් කියැවෙන රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයැවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් රජය විසින් පැහැර හැර තිබීම හා එහි 27 (2) යටතේ කියැවෙන සියලු දෑ උල්ලංඝනය තිබීම යන කරුණු මත ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමේ හැකියාව ශ්‍රී ලංකා පුරවැසියන් සතුව පවතින බව නීති විශාරදයෝ පවසති.