ජනපතිගේ මිරිහාන නිවස ඉදිරිපිට කාන්තා උද්ඝෝෂණයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට පැමිණි කාන්තාවන් පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වූහ.”ගෝඨාභය මේ අහන්න- වැඩ බැරි නම් ගෙදර යන්න” “ගෝඨාභය මර නින්දේ-අපේ ළමයි බඩගින්නේ”ආදී විරෝධතා වැකි කියමින් ඔවුන් උද්ඝෝෂණයේ යෙදුණු අතර පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද එක් වූ මෙම උද්ඝෝෂණය සඳහා පැමිණි එම කාන්තාවන් අතරේ පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියාකාරී දේශපාලනයේ යෙදුණු කාන්තාවන් ද සිටි බව වාර්තා වෙයි.

කාලීන පුවත්