ජනපතිටත් ඉහළින් ගොස් ඛනිජ තෙල්,ශ්‍රී ලන්කන් සඳහා බෝනස් ලබා දුන් බලවතා කවුද?

පාඩු ලබන සංස්ථා හා මණ්ඩලවලට ප්‍රසාද දීමනා හෙවත් බෝනස් නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය චක්‍රලේඛ තිබියදීත් එම උපදෙස් නොතකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බෝනස් ගෙවීම ආණ්ඩුව නියෝජනය කරන එක් පාර්ශවයක බලවතකු විසින් දෙන ලද නිල නොවන උපදෙසකට අනුව සිදු ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.එම බෝනස් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය වරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ. ජනාධිපති වරයා එම ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව බෝනස් ගෙවීම කුමන පදනමක් යටතේ සිදු කරන ලද්දක් ද යන්න ය.එම බෝනස් වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන්ට ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය සෑම සේවකයකුටම රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි ද ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි ද සඳහන්ය.ඒ සම්බන්ධයෙන් ලැබෙන ආරංචි මාර්ග වලට අනුව මෙසේ නිල නොවන උපදෙස් දුන් බලවතා ජනපති වරයා සතු බලතල නිල නොවන අයුරින් මීට පෙර ද යොදාගෙන තිබේ.

කාලීන පුවත්