ජනපතිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී උණුසුම් පිළිගැනීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයේ නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රාජ්‍ය නියෝජිතයන් විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිණි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී අද(11) සිට 13 වැනි දින දක්වා පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව (WGS)- 2025ට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා ආර්නෝල්ඩා,ඩුබායි සහ උතුරු එමීරයන් සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරල් ඇලෙක්සි ගුණසේකර මහත්වරුන් ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයන් පිරිසක් මේ අවස්ථාවට සහභාගි විය.

කාලීන පුවත්