‘ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයේ නායක රන්ජන් රාමනායක මහතාගේ ලිපියක් සහ පාස්කු ප්‍රහාරයේ වාර්තා දෙකක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීම වැනි ජනාධිපති කාර්යාලයට යොමුකරන අතිශය රහස්‍ය ලිපි පිටවීම ජනාධිපතිවරයාට මෙන්ම රාජ්‍ය ආරක්ෂාවටත් බරපතළ තර්ජනයක් වන බැවින් ඒ පිළිබඳව ජනාධිපතිවරයා වහාම අවධානය යොමු කළ යුතු බව, ‘ප්රජාතන්ත්රවාදී හඬ’ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවි කුමුදේශ් මහතා පවසයි.පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂක රන්ජන් රාමනායක මහතා තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තීරණය වසර දෙකකින් අඩු කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යොමු කළ රහසිගත ලිපියක් සමාජ මාධ්‍යයට යාම පිළිබඳව සොයා බැලීම සඳහා ද ජනාධිපතිවරයා වහා මැදිහත්විය යුතු බව ද හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි.
“මේ ලිපිය ජනාධිපතිවරයාට රහසේ දුන් එකක් නොවේ. ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපිය බාර දීලා අපි ඒ බව මාධ්‍යයට දැන්වූවා. ඒ ලිපියට කිසිම ප්‍රතිචාරයක් නොලැබී තිබිය දීත් ඒ ලිපිය සමාජ මාධ්‍යයට ගියේ කොහොමද කියලා අපිට නොතේරෙනවා නෙවෙයි. අද එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයට ගොඩක් බය වෙලා” යැයි ද ඒ මහතා පැවසීය.”රන්ජන් රාමනායක මහතාට මැතිවරණයට ඉදිරිපත්වීමට බාධාවක් නොමැති බවට ලැබුණු නීතිඥ උපදෙස් අනුව ඒ මහතා මැතිවණයට ඉදිරිපත්ව සිටිනවා. නාමයෝජනා ලබාදුන් අවස්ථාවේ විරෝධතාවක් ආවා. නමුත් මැතිවරණ කොමිසම එය ප්‍රතික්ෂේප කළා. අවසන් තීරණය ව්‍යවස්ථාපිත ස්වාධීන දායකත්වය සතුව තිබුණේ. දැන් ඔවුන් රන්ජන් රාමනායක මහතාගේ අපේක්ෂකත්වය අනුමත කරලා තියනවා” යැයි ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.