ජනපති,මුදල් ඇමති කතා සදොස් බව තහවුරු කරමින් අදත් විදුලි කප්පාදුවක්

අද (05) සිට විදුලි කප්පාදුව අවසන් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඉකුත් සතියේ පවසා සිටිය ද අද ද විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත ය.මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනුයේ ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව වෙනස්කම් සහිතව විදුලිය විසන්ධි වීම් ඉදිරියට ද සිදු වන බව ය.ඒ අනුව වත්මන් පාලකයන්ගේ ප්‍රකාශ වල සදොස් හා වගකීම් විරහිත භාවය ජනතාව හමුවේ තව දුරටත් තහවුරු කෙරෙන තවත් අවස්ථාවක් ලෙස හඳුන්වන විදුලි පාරිභෝගිකයන් පවසනුයේ තමන් ජනතාව හමුවේ තැබූ එම පොරොන්දුව ඉටු නොවීමට හේතු ජනතාව හමුවේ අනාවරණය කිරීමේ සදාචාරාත්මක වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන දෙදෙනා වෙතම පැවරී ඇති බවය

කාලීන පුවත්