ජනතා අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් සැබෑ වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.වාමාංශික පුළුල් එකතුවකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බවත් සඳහන් කළ ඒ මහතා පළමුවෙන් පැවැත්වෙන මැතිවරණය කුමක් වුවත් එම මැතිවරණයට තම පක්ෂය ද තරඟ කරන බව ද පවසයි..