ජනපතිවරණයට රජයේ මුද්‍රණාලය සූදානම්

ජනාධිපතිවරණ දිනය මැතිවරණ කොමිසම ප්‍රකාශය කිරීමෙන් පසුව ඒ සඳහා සියලුම වැඩ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරමින් පවතින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි.ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සඳහා වැයවෙන වියදම මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සඳහන් කර ඇති අතර, පසුගිය මැතිවරණවලට සාපේක්ෂව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තර කරන ලෙසත් තමන් විසින් අදාළ බලධාරින් දැනුවත් කළ බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

කාලීන පුවත්