ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථනිරූපනයක් දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මොරටුවේ පදිංචි ව්‍යවසායකයකු වන සී.ඩී. ලේනව මහතා විසින් අද (03)ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (03) ගොනු කොට තිබේ.19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුරකාලය කවරක්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කළ යුතු බවත් අර්ථනිරූපණයක් ලබා ගැනීමකින් තොරව ජනාධිපතිවරණය පැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත් පෙන්වා දෙන පෙත්සම්කරු ජනාධිපතිවරයාගේ ධුරකාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි අර්ථකථනයක් දෙන තෙක් දැනට ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරණය පැවැත්වීමෙන් මැතිවරණ කොමිසම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇත.එමෙන්ම් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම ඇතුළු පිරිසන් නම් කර ඇත.