ජනපතිවරණය සඳහා රනිල් ඉදිරිපත් විය යුතු බවට ප්‍රසන්නගේ යෝජනාව සම්මත වෙයි

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් අද(21) පස්වරුවේ කඩවත නගරයේ දී පැවැති ‘එක්ව ජයගමු අපි ගම්පහ ‘ ජන හමුවේදී ඒකමතිකවම සම්මත කරන ලදී.මෙම ජන හමුව සඳහා සැලකිය යුතු ජන සහභාගීත්වයක් තිබූ අතර ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කරනු ලදුව එය සියලු දෙනා දෑත් ඔසවා ඒකමතිකවම සම්මත කරනු දක්නට ලැබිණ.නමුත් මෙම ජන හමුව සඳහා කලින් පැමිණෙන බව දන්වා තිබූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නියෝජිත වරුන් වැඩි දෙනකු සහභාගී වී නැත.

කාලීන පුවත්