ජනපතිවරණ අපේක්ෂක ගැන මහින්දගේ අඩමාන කතාවේ වාසිය රනිල්ට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීම මත.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැලකිය යුතු පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ඉදිරිපත් වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.එළඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් ගමේ ජනතාවගේ ඉල්ලීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැඩි සැලකිල්ල යොමු කරන බවත් එතෙක් එම පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගෙන නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා කීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳව බිම් මට්ටමේ තවදුරටත් සාකච්ඡා කරගෙන යන බව මෙහි දී හිටපු ජනාධිපතිවරයා සඳහන් කොට තිබේ.නමුදු ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විසංවාදයක් පැන නැඟී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ගේ නම ගමේ ජනතාවගේ ඉල්ලීමක් ලෙස යෝජනා කරවීමේ සැලසුමක් ඇති බවත් පවසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.එසේ වුවහොත් එම දේශපාලනික වාසිය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්