ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකාවට යන්නේ පරිස්සමින්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් එම කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙස ය.එමෙන්ම මැතිවරණයට පෙර, අතරතුර හෝ පසුව විරෝධතා, පෙළපාලි ඇතිවිය හැකි බැවින් ඇතැම් අවස්ථාවල එවැනි රැස්වීම් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ප්‍රචණ්ඩකාරී විය හැකි බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිවිල් නොසන්සුන්තාවය සහ ප්‍රචණ්ඩකාරීත් වය පිළිබඳ වැඩි අවදානමක් පවතින බව සඳහන් කරන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමරිකානු පුරවැසියන්ට ප්‍රවේශම් සහගතව කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

කාලීන පුවත්