ජනපති අපේක්ෂකයන් ගේ ඡන්ද ගණන ගැන පුරෝකතනයක් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනධිපති ඡන්දය අතිශයින් උණුසුම්‍ ය.වෙනදා මෙන් නොව මෙවර ඇත්තේ තුන්කොන් සටනකි .විවිධාකාර ගණනය කිරීම් අවසානයේදි එක් එක් අපේක්ෂකයාට ලබා ගත හැකි ඡන්ද සංඛ්‍යාව කොතෙක්දැයි නිගමනයකට පැමිණිය හැකි විය එය බොහෝ දුරට අපක්ෂපාතී සාධාරණ නිගමනයක් බවට ද අනුමාන කළ හැකි විය.එය ඒ විදිහටම පළකිරීම අපේක්ෂකයන් කෙරෙහි සාධනීය හා නිශේධනාත්මක විය හැකි බැවින් අපේක්ෂකයින්ගේ නම නොපවසා ඡන්ද ගණන සඳහන් කරමි.

1.මෙවර කිසිවෙකුටක් 50%ඉක්මවා ඡන්ද ගත නොහැක.

2.පලමු වටයේදී වැඩියෙන්ම ඡන්ද ලබන අපේක්ෂකයා ඡන්ද තිස් අට ලක්ෂයකට මඳක් වැඩියෙන් ලබා ගනු ඇත .දෙවැන්නා තිස් හතර ලක්ෂයකට මඳක් වැඩියෙන් ද තුන්වන්නා ලක්ෂ තිස් තුනකට වැඩියෙන් ද ලබා ගනුඇත.

3.ඉහත ඡන්ද ප්‍රමාණයන් ගණනය කර ඇත්තේ උතුරු නැගෙනහිර ඡන්ද නොමැතිව ය .උතුරු නැගෙනහිර පලාත් දෙකෙන් තව ලක්ෂ පහලොවක් පමන ඡන්දය ප්‍රකාශ කරනු ඇත.

4 හතරවෙනි හා පස්වෙනි අපේක්ෂකයන් දෙදෙනාම එකතුව ඡන්ද ලක්ෂ දහයත් දොලහත් අතර ආසන්නව ගනු ඇත.

5.ඉතිරි සියලුම අපේක්ෂකයින් හා අවලංගුවන ඡන්ද ප්‍රමාණය ලක්ෂ හතක් අටක් වනු ඇත.

මෙබඳු පුරෝකතන අභිබවා මෙවන් සංසිද්ධීන් සම්බන්ධ ජ්‍යොතිෂය වැනි ගුප්ත විද්‍යාත්මක අනාවැකි ඉහළ අගයක් පවතින බවට විශ්වාසයක් අප ජන සමාජයේ ඇත.එහෙත් ජ්‍යොතිෂය මඟින් පැවසෙන අනාවැකි ද භව්‍යතා රීතියට යටත් බව ඒ සම්බන්ධ සිද්ධාන්ත වලින්ම පැහැදිලි වේ.ඒ කෙසේ හෝ ජ්‍යොතිෂය හුවා දක්වමින් වුව මෙවන් අනාවැකියක් යමකුට පැවසීමට යමකුට හැකියාවක් ඇති අතර ඒ අනුව මෙවන් පුරෝකතනයක් නිවැරදි වීම ඔහුට කෝටි ගණනක ධන උලපතක් මතු කර වන්නක් වනු ඇත.නමුත් ජ්‍යොතීර්වේදීන් නොවන අපට එහි අලයක් තබා මුල් කැබැල්ලක් වත් නැත.අනෙක අපට ඒ මුල් හෝ අල ඕනෑ ද නැත.

මේ ගණනයන් සියල්ල අපේක්ෂකයින් සම්බන්ධ කර පැවසිය හැකි වුවත් මැතිවරණ නීතියට ගරු කරමින් අපේක්ෂකයින් ප්‍රවර්ධනය හෝ අගතියට පත්වීම වාලැක්වීමට පුරෝකථනය අපේක්ෂක නමින් සිදු නොකළෙමි.දිනීමට සිතා සිටි දෙදෙනෙකුට අනපේක්ෂිත කඩා වැටිමකට ලක්වීමට සිදුවනු ඇත දෙවනි හා තුන්වෙනි වෙන දෙදෙනාගේම දේශපාලනය ඔයින් නිමවීමට ද ඉඩ නැත්තේ නොවේ.ලොව ඕනෑම දෙයක් සම්බන්ධ විවිධ පුරෝකථන ඉදිරිපත් වීම සුලබ හා සාමාන්‍ය දෙයකි.එහෙත් ඒවා අතුරින් යමක් සිදුවීමට ඇති හැකියාව හෙවත් භව්‍යතා රීතිය මත පදනම් වන පුරෝකතන කෙරෙහි වැඩි විශ්වාසයක් තැබිය හැක.එම පුරෝකතන සංඛ්‍යාත්මක අනාවරණයන් වශයෙන් පවා යම් තාක් දුරකට ගෙන හැර දැක්වීමේ හැකියාවක් පවතී.මේ අතර මෙබඳු පුරෝකතන අභිබවා මෙවන් සංසිද්ධීන් සම්බන්ධ ජ්‍යොතිෂය වැනි ගුප්ත විද්‍යාත්මක අනාවැකි ඉහළ අගයක් පවතින බවට විශ්වාසයක් අප ජන සමාජයේ ඇත.එහෙත් ජ්‍යොතිෂය මඟින් පැවසෙන අනාවැකි ද භව්‍යතා රීතියට යටත් බව ඒ සම්බන්ධ සිද්ධාන්ත වලින්ම පැහැදිලි වේ.ඒ කෙසේ හෝ ජ්‍යොතිෂය හුවා දක්වමින් වුව මෙවන් අනාවැකියක් යමකුට පැවසීමට යමකුට හැකියාවක් ඇති අතර ඒ අනුව මෙවන් පුරෝකතනයක් නිවැරදි වීම ඔහුට කෝටි ගණනක ධන උලපතක් මතු කර වන්නක් වනු ඇත.නමුත් ජ්‍යොතීර්වේදීන් නොවන අපට එහි අලයක් තබා මුල් කැබැල්ලක් වත් නැත.අනෙක අපට ඒ මුල් හෝ අල ඕනෑ ද නැත.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර