මාර්තු 12 ව්‍යාපාරය මගින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා ඊයේ(07) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැති විවාදයට සහභාගී වන බව දන්වා සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂක නාමල් රාජපක්ෂ,සමගි ජන බලවේගය පක්ෂයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ස්වාධීන අපේක්ෂක පී.අරියනේන්ද්‍රන් යන මහත්වරු සහභාගී නොවූහ.ජාතික කම්කරු පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින දිලිත් ජයවීර මහතා පමණක් සහභාගී විය.එම විවාදය නීතීඥ සාලිය පීරිස් මහතා විසින් මෙහෙයවනු ලැබීය.පස්වරු 3.00 සිට පස්වරු 5.00 දක්වා පැවති මෙම විවාදය සජීවීව විකාශය කරන බව රූපවාහිනී නාලිකා පවසා තිබුණ ද ඒක පුද්ගල විවාදයක් පැවැත්වීමට නොහැකි වීම මත එම විකාශයන් පස්වරු 4.00ට අවසන් කිරීමට සිදු විය.