2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවර ගෙන තිබේ.ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති වරයා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇත.