පසුගිය ජූලි 09 වන දා කිසියම් පිරිසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබූ අවස්ථාවේ සොරා ගන්නා ලද කෞතුක වටිනා කමකින් යුතු බුදු පිළිමය,සහ පොත් පත් තොගයක් තමන් සතුව ඇති බවට කිසියම් පුද්ගලයකු වෙතින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු නිර්මාමික දුරකථන ඇමතුමක් පිළිබඳව වාර්තා වෙයි,එබැවින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබේ .තමන් විසින් සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබා දිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් තැනැත්තා පවසා තිබේ.ජනාධිපති කාර්යාලයේ ඇමතුම ගත් නිලධරයා එම පණිවිඩය ජනාධිපති ලේකම්වරයාට සැල කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු රහස් පොලිසියට බාර දී ඇත.