මේ වන විට සිව් දින චීන නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවී තිබේ.එම නිල හමුව චීන මහජන ශාලාවේදී අද(15) එරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ විය.ජනාධිපති වරයා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රදර්ශන ශාලාව නැරඹීමට මෙන්ම මා ඕ සේතුං ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද අද එක් විය.එසේම, ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍ය ලී චියැන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති චාඕ ලෙජි ඇතුලු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු හමුවීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.