ජනපති තවමත් මාලේ

ඊයේ(13) රාත්‍රියේ SQ437 දරණ මගී ගුවන් යානයෙන් මාලදිවයිනේ මාලේ අගනුවර සිට සිංගප්පූරුව බලා යාමට නියමිතව සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් මාලේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ එන් ඩී ටීවී පුවත් සේවය අද අලුයම වාර්තා කර ඇත්තේ පෙර සැලසුම් කර තිබූ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් නොමැති බවයි. කෙසේ වෙතත් ආරක්ෂක ගැටළු හේතුවෙන් ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ පරිදි එම මගී ගුවන් යානයේ ගමන් කර නොමැති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂට සිංගප්පූරුව බලා පිටත්ව යාම සඳහා පෞද්ගලික ගුවන් යානයක් ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් එන් ඩී ටීවී පුවත් සේවය වාර්තා කරයි.එමෙන්ම ඊයේ ලබා ගන්නා බවට කතානායක වරයා සහතික වූ ජනාධිපති වරයා තම තනතුරින් ඉල්ලා අස්වීමේ ලිපිය පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් නැත.ඔහු සිදු කොට ඇත්තේ සිය තනතුරේ වැඩ බැලීම පිණිස රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බවට සිය අත්සනින් යුතු සාමාන්‍ය ලේඛනයක් ඉදිරිපත් කිරීම පමණි.

කාලීන පුවත්