ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී කලාකරුවන්” වශයෙන් පෙනී සිටිමින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබීය. ඔවුන් අතරින් සැළකිය යුතු පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කෙරෙහි අපැහැදීමකින් සිටින අතර ඔවුන් එම තත්වයෙන් මුදවා ගෙන යළිත් සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව කලා ක්ෂේත්‍ර ආරංචි මාර්ග කියයි. එහි ආරම්භයක් වශයෙන් පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලාකරුවන් මෙම අවස්ථාවට සම්බන්ධ කර ැගනීමේ මෙහෙයුමක් දියත් කර ඇතත් ඉන් කලාකරුවන් සැලකිය යුතු පිරිසක් ඒ වෙනුවෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට තේරී පත්වීමේ දෙවෙනි සංවත්සර සැමරුම වර්ජනය කිරීමට පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලා කරුවන් පිරිසක් තීරණය කර ඇතැයි අනාවරණය වේ.පසුගිය ජනාධිපතිවරණයේ දී කලාකරුවන් විශාල පිරිසක් “සංවේදී කලාකරුවන්” වශයෙන් පෙනී සිටිමින් ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදුකරනු ලැබීය. ඔවුන් අතරින් සැළකිය යුතු පිරිසක් මේ වන විට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කෙරෙහි අපැහැදීමකින් සිටින අතර ඔවුන් එම තත්වයෙන් මුදවා ගෙන යළිත් සමීප සම්බන්ධතා ඇතිකර ගැනීමට රජය උත්සාහ කරමින් සිටින බව කලා ක්ෂේත්‍ර ආරංචි මාර්ග කියයි. එහි ආරම්භයක් වශයෙන් පසුගිය ජනපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කළ කලාකරුවන් මෙම අවස්ථාවට සම්බන්ධ කර ැගනීමේ මෙහෙයුමක් දියත් කර ඇතත් ඉන් කලාකරුවන් සැලකිය යුතු පිරිසක් ඒ වෙනුවෙන් ලැබෙන ආරාධනා ප්‍රතික්ෂේප කරමින් සිටින බව අනාවරණය වෙමින් තිබේ.