අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරනුයේ හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම රැස්වීම පැවැත්වෙන බවකි.අද උදෑසන විරුද්ධ පක්ෂ නායකයින් 12 දෙනෙකු මෙම ගැටලුව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කර තිබේ.