නඩත්තු කටයුතු වෙනුවෙන් මහජන මුදල් විශාල වශයෙන් වැය කරමින් රට තුළ විවිධ ස්ථානයන්හි ඉදිකර ඇති ජනාධිපති මන්දිර මහජන සේවාවන් සඳහා යොදා ගැනීමට රජය අපේක්ෂා කරයි.නුවරඑළිය කතරගම මහනුවර අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ඇති ජනාධිපති මන්දිර ඒ වෙනුවෙන් යෙදවීමට බලාපොරොත්තු වෙයි.කිසියම් නිල කටයුත්තක් සඳහා ජනාධිපතිවරයාට කොළඹින් බැහැර නතර වීමට සිදුවුවහොත් ඔහුට ඒ සඳහා ස්ථානයක් වෙන් කරගත හැකි බව රජයේ අදහසයි.එවන් හැකියාවක් තිබියදීවිශාල වශයෙන් මහජන මුදල් වැය කරමින් මෙවන් මන්දිර නඩත්තු කිරීම අපරාධයක් බවද රජය පෙන්වා දෙයි.පසුගිය කාලය තුළ එම ජනාධිපති මන්දිර ඔවුන් ගේ පවුල් වල සාමාජිකයන් ගේ නිවාඩු නිකේතන වශයෙන් යොදා ගෙන ඇති බව ද වාර්තා විය.