ජනපති රනිල්ට සහාය දෙන පොදු සන්ධානය 14 දා එළි දකී

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන පොදු සන්ධානයක් ලබන 14 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.ඒ සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ,මහජන එක්සත් පෙරමුණේ, එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොමැති පිරිස් ද ඊට එක් වනු ඇතැයි පැවසෙයි.මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සඳහා එක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන මේ වන විට 102ක් දක්වා ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.ඒ අනුව ඉදිරි ජනපතිවරණ තුන් කොන් සටන තවත් උණුසුම් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්