ත්‍රෛලෝක විජය පත්‍ර නම් පැරැණි පොත් පත් වල සඳහන් වන ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා) අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමට හැකියාව සොයා බැලිය යුතුයැයි යෝජනා කරන බව 2023 අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය අයවැය කතාවේදී පළ කළ අදහසට අනුව ජනාධිපති වරයා මෙවර අය-වැය සකස් කරන ලද්දේ “ත්‍රෛලෝක විජය පත්‍ර” භාවිතා කොට දැයි සැකයක් උපදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියයි.ගංජා වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඇති හැකියාව සොයා බලනු පිණිස විශේෂඥ කමිටුවක් පත් පත් කිරීමට යෝජනා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී වැඩිදුරටත් කීය.මේ අතර ‘ගංජා ආර්ථිකයක්’ පෙන්වා ජනාධිපතිවරයා සැබෑ ප්‍රශ්න යට ගැසීමට ක්‍රියා කළ බවට විපක්ෂය චෝදනා කරන අතර ගංජා යනු මිනිසාගේ කායික මානසික ශක්තිය අඩාල කරන Tetrahydrocannabinol(THC) නම් භ්රාන්තිකාරක සංඝටකය අඩංගු ශාක විශේෂයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිල වශයෙන් පිළිගෙන තිබේ.