ජනපති රනිල් ගෙන් ප්‍රසන්නට දෝස්මුරයක්

22 සංශෝධනයට සහාය දිය යුතු අවස්ථාවේ පෞද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් දැඩි සේ දෝෂාරෝපනය කොට තිබේ.ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස මීට වඩා වැඩි වගකීමකින් හා කැපවීමකින් කටයුතු කළ යුතු බවයි.මෙම දුරකථන සාකච්ඡාවෙන් පසුව තමන් තව දුරටත් රනිල් වික්‍රමසිංහ යටතේ දේශපාලනය කරනවාද?යන්න පිළිබඳව තීරණයක් ගන්නා බව ප්‍රසන්න රණතුංග මහතා තම සමීපතමයන් හා කියා තිබේ.කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් දිවයිනට පැමිණි වහාම තමා මුණගැසෙන ලෙසට ප්‍රසන්න රණතුංග මහතාට දන්වා ඇත.

කාලීන පුවත්