ජනපති රනිල් ජනපතිවරණයේ දී “සාටකය” සමඟ නම් අපි නෑ

රාජපක්‍ෂ පවුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යෂ්ඨිය නොවන බවත් ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාකාරී මෙහෙයුම් කමිටුව සඳහා තව දුරටත් ඔවුන් සහභාගී කරගන්නේ නම් තම කණ්ඩායම ඉන් ඉවත් ව ස්වාධීන වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ඇතුළු කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට කතිකා කරගෙන තිබේ.ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී නැවත පවුල් වාදය කරළියට ගෙන ඒමේ අවාසිය ජනාධිපතිවරයාට භුක්ති විඳීමට සිදුවනු ඇති බවත් එම කණ්ඩායම අවධාරණය කරයි.ඒ අතර පාක්ෂික ප්‍රතිචාර මත ඉදිරි ජනාධිපතිවරණය සඳහා රාජපක්ෂ පවුල නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරවීමේ සැලසුමක් රාජපක්ෂ පවුල තුළ ඇති අතර මුහුකුරා නොගිය දේශපාලනඥයකු නොවන නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා දැනටමත් ලක ලැහැස්ති වෙමින් හිඳින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විටත් නිමල් ලන්සා මහතා ඇතුළු කණ්ඩායම සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය ඒකාබද්ධව කටයුතු කරන බැවින් ඉදිරියේදී ජනාධිපති වරයා රාජපක්ෂ පවුල් දේශපාලනය හා එක්වීම මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වරුන් සැලකිය යුතු පිරිසක් නිමල් සිරිපාල පාර්ශවය සමඟ එක් වනු ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්