ජනපති රනිල් ජ්‍යෙෂ්ඨ පුරවැසි ජීවිත අඳුරේ හෙලයි ද?

මුදල් ඇමති වරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් නියෝගයකට අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වැඩි වාසි අත්කර දුන් ස්ථාවර තැන්පතු ක්‍රමයක්වූ සියයට 15 ක විශේෂ පොලියක් ලබාදෙන ගිනුම් අලුතින් ආරම්භ කිරීම නතර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සමාජයේ පාර්ශව ගණනාවක විශේෂ අවධානය යොමු වී තිබේ.එම චක්‍ර ලේඛයට අනුව මින් ඉදිරියට සියයට 15 ක සහන පොලියක් ලබාදෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් ආරම්භ නොකරන අතර දැනට ආරම්භ කර ඇති ස්ථාවර තැන්පතු කල් පිරුණු පසුව දීර්ඝ නොකරන බව දන්වා ඇත.පසුගියදා ජනපති වරයා පසුගියදා විශේෂ ප්‍රකාශයක් කරමින් රටේ ආර්ථිකයට එයින් විශාල දායකත්වයක් නොලැබෙන බව පැහැදිලි කර තිබුණි.එහෙත්, ඔහුගේ එම ප්‍රකාශයට අනුව රටේ වැඩිහිටියන්ගේ යහපැවැත්ම නොතකා හැර ඇති බව බොහෝ දනකුගේ මතය වී තිබේ.වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් ලක්ෂ 15ක උපරිම ස්ථාවර තැන්පතුවක් සඳහා වාර්ෂිකව සියයට 15ක ඉහළ ප්‍රතිශතයක් ලබාදීමට වාණිජ බැංකු කටයුතු කර තිබෙන්නේ වසර ගණනාවක සිට ය.මෙවර කල් පිරුණු පසුව එම ස්ථිර තැන්පතු නැවත දිර්ඝ නොකරන බව වාණිජ බැංකු සඳහන් කරයි.මේ දිනවල අනෙකුත් ස්ථාවර තැන්පතුවල සියයට 17 ක පමණ පොලී අනුපාතයක් ද විශේෂ ස්ථාවර තැන්පතු වල 20-30 අතර විශාල අගයකින් පොලී අනුපාතයන් සඳහන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විකල්පයක් ලෙස ඒවාට මාරු විය හැකි බව එම බැංකු මඟින් ගනුදෙනු කරුවන්ට පවසා තිබේ..කෙසේ වෙතත් එම පොලී අනුපාතයන් නුදුරේදීම පහත හෙළන බව මුදල් ඇමති ලෙස ජනපතිවරයා සඳහන් කර තිබීම මත ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් මත දිවි පෙවෙත රැක ගන්නා වැඩිහිටියන්ගේ කල දවස බෙහෙවින් අඳුරු සහගත විය හැකි බව ඇතැමුන්ගේ මතයයි.

කාලීන පුවත්